පුවත්

මේ ආණ්ඩුවට අපි වගකියන්නෙ නැහැ – බැසිල්

Published

on

වත්මන් රජය ගනු ලබන තීන්දු තීරණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගකීම භාරගැනීමට සූදානම් නොමැති බව එම පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයට සහය පළකළ ද මේ වන විට පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් නොවන බවය.

ඊයේ (12) රාත්‍රී “ටීවි දෙරණ” ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“කලබල නොවී තව ටික දවසක් හිටියා නම්, මට පැහැදිලිව ලොකු විශ්වාසයක් තියෙනවා අපේ රටේ ආර්ථික අර්බුදය විසඳෙනවා. දැන් අරගලය නෑනේ. මොකද්ද වෙනස. ජනතාව 69 ලක්ෂය ඉල්ලපු දේ දෙන්න ආපු එක්කෙනාව අයින් කරන්න කිව්වා. එයා අයින් වුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ. ඇයි දැන් මාධ්‍යයේ පෙන්වන්නේ නැත්තේ. දැන් කන්න තියෙනවා ද? අපේ ආශිර්වාදයක් තිබුණට අපි සහාය තිබුණට ආණ්ඩුවට අපි වගකියන්න ඕනේ නෑ.”

සම්පූර්ණ සාකච්ඡාවට…

Trending

Exit mobile version