මේ ආණ්ඩුව යන්නේත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූොහු කියා සිටියේ,
“වත්මන් රජය පැමිණි විගසම ජනවරම උල්ලංඝනය කර තිබූ විදියටම අයි.එම්.එෆ් ගිවිසුමට එකඟ වීම මෑත කාලයේ තිබූ ලොකුම පාවා දීම ලෙස හැඳින්විය හැකියි.
පවතින අයි.එම්.එෆ් ජාත්‍යන්තර බැඳුම්කර එකඟතාව මත ඉදිරියට යනවා නම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගමන සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.
වසර හතරක් ඇතුළත ණය ගෙවීම් නැවත ඇරඹීමේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න හැකිවේ යැයි ඔබලා සිතනවාද?වසර නවයකින් ණය ගෙවීමේ කාර්යභාරය අරඹන්නට තිබූ මොහොතක එය වසර හතරකින් අරඹන්නට පසුගිය රජය එකඟ වී තිබෙනවා.ඒ අඩි පාරේම ඔබතුමන්ලත් යනවා”