2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති අලි මරණ සංඛ්‍යාව 395කි.
එය ඉකුත් වසරට වඩා අලි මරණ 20ක වැඩි වීමකි.
අලි මිනිස් ගැටුම් නිසා 2022 වසරේ මිය ගිය මිනිසුන් සංඛ්‍යාව 127කි.
විදුලි සැර වැදීම්වලින් පමණක් 2022 වසරේදී අලින් 38ක් මිය ගොස් ඇත.
රොටවැව ප්‍රදේශයේ විදුලි වැට අක්‍රියවීමෙන් අලි ගම් වදින බව ප්‍රදේශවාසීන් විසින් අවස්ථා ගණනාවකදී සීගිරිය වනජීවි කාර්යාලය දැනුම්වත් කර ඇතත් ඔවුන් මෙතෙක් ක්‍රියාත්මකව නැතැයි ද මේ අතර වාර්තා වේ.
එම තත්ත්වය හේතුවෙන් අලින්ගෙන් සිය බව බෝග ආරක්ෂා කර ගැනීමට ගොවීන් නිවෙසේ ඇති විදුලි රැහැන් වගා බිම්වලට ඇදීම එම ප්‍රදේශයේ සුලබ දසුනක් වී ඇතැයි ද පැවසේ.
එමඟින් වන සතුන්ට මෙන්ම එම ස්ථානවලින් ගමන් කරන මිනිසුන්ට ද විදුලි සැර වදින අවස්ථා තිබෙන බව සීගිරිය පොලිසිය විසින් කියා සිටී.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ දෙසැම්බර් 08 වැනිදා සීගිරිය ඉනාමළුවේ රොටවැව ප්‍රදේශයේ මිනිසුන් පිරිසක් විසින් නීති විරෝධි ලෙස විදුලි රැහැන් ඇදීම නිසා අවුරුදු 30 පමණ වයසැති අලියකු මිය ගොස් ඇති අයුරුය.
මිය ගිය අලියාගේ පශ්චාත් මරණ කටයුතු ගිරිතලේ වනජීවි නිලධාරීන් විසින් සිදු කළ අතර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් ඉඩම්හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කොට ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ද අදාළ අංශ කටයුතු කර ගෙන යන බව වාර්තා වේ.