අද (24) ආරම්භ වූ 2023 සඳහා දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 17දා දක්වා පැවැත්වේ.
දරුවන්ට අගෝස්තු 18දා – 27දා දක්වා නිවාඩුවක් ලැබෙන බවත් දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගෝසතු 28දා – ඔක්තෝබර් 27දා දක්වා ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් මස 30දා – නොවැම්බර් 24දා දක්වාද පැවැත්වෙන අතර, නොවැම්බර් 25දා – දෙසැම්බර් 31දා දක්වා පාසැල් නිවාඩුව ලබාදීමෙන් අනතුරුව, තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2024 ජනවාරි 01දා – පෙබරවාරි 16දා දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.