පුවත්

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නෑ!

Published

on

මේ සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ ජාතික ඉන්ධන අවසර පත්‍රය යටතේ ලබාගැනීමට සිපෙට්කෝ හා LIOC සමාගම් සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත ඇති බවත්, ඉන්ධන මිල අඩුකිරීමක් අපේක්ෂාවෙන් සැපයුම්කරුවන් විසින් ඉන්ධන මිලදී ගැනීමේ ඉල්ලීම් සිදු නොකිරීමෙන් ඉන්ධන හල් වල ඉන්ධන අඩුවක් ඇති ව තිබෙන බවත්ය.

සිය අවශ්‍යතා අනුව ඇණවුම් ලබාදෙන ලෙස අලෙවි නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version