Connect with us

පුවත්

මෛත්‍රීගේ කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්

Published

on

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙසේය :

” පාස්කු සිද්ධිය ගැන දින එකොළහක් විවාද පැවැත්තුවා. මේ ප්‍රශ්නයට සියලු දෙනාට උත්තරයක් අවශ්‍ය නම් මේක දේශපාලනයට හරවගන්න එපා. අපි සියලු දෙනා එකතු වෙලා මේක බලන්න ඕන… පොලිසියත් ඒ අයගේ නීතිඥවරුන් එකතුවෙලා මේක බලන්න කියල මම කියනවා. පොලිසියේ අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. මේ සියලු දේ බලලා ඔක්කොම එකතුවෙලා මේක අවසන් කරමු.  නැත්නම් මේ විවාද දිගටම තියේවි… හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා. ඔහු මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ   සම්බන්ධතාවක් පිළිබඳව  කිසිවක් කියල නෑ. දැන් ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා.  ඒ නිසා මම ඒ ගැන වැඩි දුරටත් කතා කරන්න යන්නේ නැහැ… බුද්ධි අංශයේ සුරේෂ් සලේ  සහරාන් හසීම් සමග සබඳතා පවත්වා ඇතැයි කිසිදු වාර්තාවකින් තොරතුරු හෙළිදරව්වීමක් සිදුවී නැහැ… මේ පරීක්ෂණ අවසන් කරන්න අපිටත් අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනා මේකට උදව් කරන්න කියලා අපි ඉල්ලනවා.”

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved