හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයකින් අද අලුයම 2.50ට නවදිල්ලිය බලා සිරිසේන මහතා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ විශේෂ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර ඉන් පසු ඔහු අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.