Connect with us

පුවත්

මෛත්‍රී නඩු කිං වෙයි !

Published

on

තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට නඩු 400 ක් පමණ දමා ඇති බවත් ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

තමන් ද සදාකල් ජීවත් වන්නේ නැති බවත් තමා මියගිය දිනෙක ඒ නඩු ද අවසන් වනු ඇති බවත් “දේශය”ට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හෙතෙම සඳහන් කර තිබේ.

මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බණ්ඩාරනායක මහතා වැනි දේශපාලන දාර්ශනිකයන් වෙඩි තබා මැරුවා සේ තමන්ගේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිය ද පිරිසක් වෙඩි තබා මරා දැමූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් එහිදී බවසා තිබේ.

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හම්බන්තොට,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන  කාලයේදී ද  වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වේ.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතරසහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 අතර අවධානය යොමු කලයුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා,

“මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු වෙන්න පුලුවන්. හේතුව මේක ප්‍රධාන වශයෙන් ඍතුමය තත්ත්වයක්. සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වල හැම අවුරුද්දකම වගේ බලාපොරොත්තු වෙනවා. මිනිස් සිරුරට දැනෙන උණුසුමුක් පවතින නිසා විශේෂයෙන්ම ඉළිමහනේ වැඩකටයුතු කරන පිරිස වැඩි වශයෙන් දියර ද්‍රව්‍ය සහ ජලය පානය කරන්න. හැකි සෑම අවස්ථාවකම විවේක ගන්න පුලුවන් සෙවන තියෙන තැනක. සැහැල්ලු ලා පැහැති ඇඳුම් අදින්න පුලුවන්. රෝගී පිරිස සහ දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි.”

Continue Reading

පුවත්

ලෝකෙට ලොකුම සුවඳ කූරු කැලණියේ හදයි (ඡායා)

Published

on

By

වැල්ලම්පිටිය වෙන්නවත්ත සිව්බල සේනා සංවිධානය විසින් ලොව විශාලතම හඳුන්කූර දැල්වීමේ “සිව්බල මහා සුවඳ දුම්පූජාව” මෙගොඩ කැලණියේ කිත්සිරි මෙවන් විහාරස්ථානයේ දී පසුගියදා ප්‍රදර්ශනය කෙරුණේ ය.

බුදුන්වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වූ කැලණියේ කිත්සිරි මෙවන් විහාරස්ථානයේ දී මෙම සුවද දුම් පූජාමය හඳුන්කූර දැල්වීම සිදු කෙරුණේ පන්දම් විලක්කු වලිනි.

මෙම සුවිශේෂ වූ හඳුන් කූරක දිග අඩි හැටක් වන අතර මෙහි බර කිලෝග්‍රෑම් සීයකට ආසන්න බවද වාර්තා වේ.

මාස අටක් නැත්නම් පුරා දින දෙසිය හතළිහයක් තුළ මෙම මහා හඳුන්කූර සකස් කිරීම සිදු කර තිබිණි.

මේ නිර්මාණය සිදු කළ අයුරු අභිසෙත් හඳුන්කූරු ආයතනයේ කළමනාකාරිණි කේ.දිළිණි පෙරේරා මහත් මිය මෙසේ කියා සිටියාය.

අඩි 60 ක් උස උණ ගසක් හොයාගෙන සෙවනේ වියලා පදම් කරගෙන බර අඩුකර ගත්තා. පසුව උණ ගසේ ඇතුළත සිදුරු කර මාස ගණනක් වියලන ලද ගොඩ දිය සුවඳ මල් 50 කට අධික ප්‍රමානයක් මෙම උණ ගසේ ඇතුළත තැන්පත් කළා. මේ සඳහා විවිධ සුවඳ සහිත පළතුරු පැළවල කොළ ඉති ආදි පස් පංගුව ද ඇතුළත් කර සකස් කළා. ලී කුඩු, කළු කුඩු සහ මෙම හඳුන්කූර සකස් කර ගන්නට අවශ්‍ය පදම හා තාක්ෂණයට සරිලන පරිදි පට්ට කුඩු, සෙවල ගස්වලින් සකස් කළ සෙවල, බෝබු ගසේ කොටස්ද සකස් කර විවිධ වර්ගයේ සුවඳ කුඩු කිලෝ පහකට අධික ප්‍රමාණයක්ද අප මෙම හඳුන්කූරට එක් කර සකස් කළා.

මෙයට අමතරව හඳුන් දර කුඩු, සුදු හඳුන් කුඩු,රත් හඳුන් කුඩු ආදි සුවඳ කුඩු සහිත ද්‍රව්‍යද එක් කර පැය ගණනාවක් දැල්වෙන පරිදි සැතැම්ම ගණනාවකට සුවඳ පැතිරෙන ආකාරයට මෙම හඳුන්කූර සකස් කර නිමාවට පත් කළා. විශාල පිරිසක් ඒ සඳහා එකට එක්ව කටයුතු කළ බවද ඇය කීවාය.

මෙය ලෝකයේ මෙතෙක් සකස් කරන ලද විශාලතම හඳුන් කූර ලෙස ඉතිහාසයට එක් වෙන බව සිව්බලසේනා සංවිධානයේ සභාපති පුජ්‍ය මෙටපිටියේ රතනසිරි හිමියන් පැවැසූහ.

Continue Reading

පුවත්

අධිකරණයට හිස නොනැමුවයි විනිසුරුවරිය, නීතීඥවරිය රිමාන්ඩ් කරයි

Published

on

By

අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණු බව කියන නීතිඥවරියක ඇප කොන්දේසි සපුරාලන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුහන්දුරුගොඩ මහත්මිය නියෝගක් ලබාදී තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හලාවත – ආරච්චිකට්ටුව පදිංචි නීතිඥවරියකි. 

ඇය වෙනුවෙන් පුත්තලම අධිකරණ බල සීමාවේ පදිංචිකරුවන් දෙදෙනකු විසින් රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප අත්සන කළ යුතු බවත් එම ඇපකරුවන්ගේ ආදායම් වාර්තා සනාථ කර ගත යුතු බවත් විනිසුරුවරිය විසින් නිකුත් කර ඇති නියෝගයේ සඳහන් වේ.

වයඹ පළාත්බද පුත්තලම මහාධිකරණයේදී පසුගිය 07 වැනිදා ඇය යම් ඇප අයැදුමකට අදාළව කරුණු සැල කර ඇප අයැදීමේදී මහාධිකරණය හෝ අධිකරණ විනිශ්චකාරවරිය සුදුසු පරිදි ගෞරවාන්විතව ඇමැතීම චේතානාන්විතව නොකර සිටීම ඇයට එල්ල වී ඇති එක් චෝදනාවක් වේ.

එමෙන්ම පසුගිය 28 වැනිදා විවෘත අධිකරණ ශාලාවට ඇතුළු වීමේදී අධිකරණයට හිස නමා ආචාර කර ගෞරව කිරීම චේතානාන්විතව නොකර සිටීම ඇයට එල්ල වී ඇති අනෙක් චෝදනාව වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved