“රට රකින ජන පවුර” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී ව්ශාල ජන සහභාගිත්වයකින් පැවැත්විණි.
ඒ සඳහා හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගිත්වය විය.
නිදහස් සේවක සංගමය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් ගුරු සංගමය ඇතුළු පක්ෂයේ සියලු වෘත්තීය සමිති විසින් මෙම මැයි දින රැලිය සංවිධානය කරන ලදී.