පුවත්

මොඩර්න් ජුවලරි හි ලක්ෂ 3000ක රන් සේවකයන් 2ක් සොරාගෙන

Published

on

ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ අලෙවිසල් ජාලයක් වන මොඩර්න් ජුවලරි සතුව තිබූ රුපියල් ලක්ෂ 3000කට ආසන්න රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණය වෙත ඊයේ (20) දන්වා සිටියේය.

කොළඹ හෙට්ටිවීදිය, මඩකලපුව සහ කාත්තන්කුඩි ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවිසල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගේ රන් භාණ්ඩ එලෙස සොරකම් කර ඇතැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ වෙත කරුණු වාර්තා කරමින් දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම රන් භාණ්ඩ අලෙවිසල්වල සේවය කරන සේවකයන් දෙදෙනකු විසින් මෙම සොරකම කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද දන්වා සිටියේය.

කාත්තන්කුඩියේ පදිංචි අහම්මදු මුහයිදීන් උමර් හසීම් නමැති අය විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

මෙම සිද්ධියට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.

Trending

Exit mobile version