Connect with us

පුවත්

මොඩ්ල් ජොබ් දෙනවා කියා තරුණියන් නිරුවත් කළ සිසුවා දැලේ

Published

on

ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන පවසා රූමත් ළාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන්වාගත් පාසල් සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් එම සැකකරු මෙවර උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවකි.

සැකකරු එලෙස උපක්‍රමශීලීව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ගෙන්වා ගෙන තිබූ රූමත් ළාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පහළොවකට ආසන්න සංඛ්‍යාවක් පරිගණකය තුළ ගබඩා කර තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ. 

සැකකාර සිසුවා 2021 වසරේ සිට මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් ඔහු එලෙස ලබාගෙන තිබූ ළාබාල රූමත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප විදේශගත කර මුදල් ඉපැයීමේ ජාවාරමක යෙදුණාද? යන්න හා එම ඡායාරූප ලබාදුන් තරුණියන්ට එම ඡායාරූප සමාජයේ ප්‍රසිද්ධ කරන බවට පවසා කප්පම් මුදල් ලබා ගත්තාද? එසේත් නොමැති නම් ඔහු යම් වින්දනයක් ලබා ගත්තාදැයි හෙළිකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ. 

සැකකාර සිසුවා රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (16) පස්වරුවේ නියෝග කළේය.

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved