පුවත්

මොනරාගල SSP ගංජා සමඟ STF එකට මාට්ටු වෙයි!

Published

on

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල රහස් මෙහෙයුමකදී මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 15 ක් හා

නිදන් හැරීමට යොදා ගන්න උපකරණ තොගයක් සමග ඊයේ (08) රාත්‍රී අත් අඩංගුවට පත්ව තිබේ.

මොනරාගල ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ නිදන් හාරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලැබුන ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ STF නිලධාරීන් දින කිහිපයක් ඒ පිළිබඳව සෝදිසියෙන් සිට ඇති අතර ඒ අනුව ඊයේ පස්වරුවේ සැකකටයුතු ප්‍රාඩෝ ජීප් රථයක් පරික්ෂා කල අවස්ථාවේ එහි සිටි මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ සැකකටයුතු කාන්තාවක් STF  නිලධාරීන්ට විරෝධය පළකර තිබේ.

අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවාස පරික්ෂා කිරීමේදී එහි සිවිලිමේ තිබී ගංජා කිලෝ 15 ක් හා නිදන් හැරීමට යොදා ගන්නා පන්දම් ලන්තෑරුම් ඇතුළු උපකරණ රාශියක් සොයාගෙන ඇත.

එසේම එම අවස්ථාවේදී එම නිල නිවසේ රැඳී සිටි තරුණයින් 6 දෙනෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් නිදන් හැරීම සඳහා මොරටුව ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් බවට හඳුනාගෙන ඇත.

අනතුරුව සිදුකෙරුණ ප්‍රශ්න කිරීම් හමුවේ නිදන් හැරීමට දී යොදා ගන්න ස්කෑනර් යන්ත්‍රයක්ද සොයා ගෙන ඇත.

මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් එම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ කිට්ටුවන්තයෙක් බව පැවසේ.

මෙම පොලිස් නිලධාරියා 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු වන අතර ඔහු පසුගිය කාලයේ තමන් පාස්කු ප්‍රහාරයෙන් බේරා දෙන ලෙස මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටීමට පැමිණි පොලිස් කණාඩායමද නියෝජනය කළ අයෙකි. 

Trending

Exit mobile version