පුවත්

මොබිටෙල් ‘උපහාර’ මාධ්‍යවේදීන්ටත්

Published

on

මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන ‘උපහාර’ පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව සියලු දෙනාට මෙම ප්‍රතිලාභය ලබා දෙන ලෙසත්, එම සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත.

Trending

Exit mobile version