පුවත්

මොරටුවේ බස් රථ අනතුරෙන් දෙදෙනෙකු රෝහලේ

Published

on

අද (19) දහවල් 2.30ට පමණ පානදුර – නුගේගොඩ (183) මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලීස් ස්ථානය අසල ඇති බස් නැවතුම්පොළක සහ ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවක ගැටී තිබේ.

බස් රථය, රියදුරුගේ පාලනයෙන් ගිලිහීම හේතුවෙන් එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් බස් රථයේ කොන්දොස්තර සහ බස් නැවතුම්පොළේ සිටි කාන්තාවක් සුළු තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර ට්‍රාන්ස්ෆෝමරයට සහ බස් නැවතුම්පොළට දැඩි හානි සිදුවී ඇත.

මොරටුව පොලීසිය, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version