ඊයේ (08) රාත්‍රි 11ට පමණ මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පනයකින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මිය ගොස් 153 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍්‍ය වාර්තා කරයි.
බොහෝ මරණ සිදුවී ඇත්තේ ළඟාවීමට අපහසු කඳුකර ප්‍රදේශවල වන අතර මොරොක්කෝ වැසියන් තවමත් පසු කම්පනවලට ගොදුරු විය හැකි බවද පවසයි.
මොරොක්කෝවේ මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියා සිටී.
භූමිකම්පාවෙන් al-Haouz, Marrakesh, Ouarzazate, Azilal, Chichaoua සහ Taroudant යන පළාත්වලට බලපෑම් එල්ල වී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.
ඇට්ලස් කඳුකරයේ ඇති වූ මෙම භූ කම්පනය කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි රබාත් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා සහ එසවුරා වෙත ද දැනී ඇති බව වාර්තා වේ.