පුවත්

මොහු ගැන දන්නේ නම් කඩිනමින් දැනුම්දෙන්නැයි පොලිසිය ඉල්ලයි

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළදී දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා  ප්‍රශ්න කිරීම සඳහා රැගෙනවිත් සිටි අවස්ථාවේදී ඔහුව වැසිකිළිය වෙත රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා ගැන තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය මහජන සහය පතා ඇත.

මේ වන විට අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයාගේ ඡායාරූපයක් මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඒ අනුව මෙම ඡායාරූපයේ දැක්වෙන පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව තොරතුරක් වෙතොත් දුරකථන අංක 071-8591774 හෝ 0718594929 වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

සබැඳි පුවත් :

හරක්කටා CIDයෙන් පැන යන්න හදලා

Trending

Exit mobile version