”මෝඛා” ප්‍රබල සුළි කුණාටුව බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයන්ට ඇතුළු වී තිබේ.
එය පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් සමන්විත බව කාලගුණ බලධාරීන් සඳහන් කියා සිටී.
සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක අවට ගොඩබිම් රැසක ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති අතර , එය පැයට කිලෝමීටර 190 ඉක්මවූ වේගයකින් ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සුළි කුණාටුවට පෙර බංග්ලාදේශ වැසියන් ලක්ෂ 5ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව ද එරට බලධාරීන් සඳහන් කළේ ය.
දශක 2කට ආසන්න කාලයක් තුළ බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑ ප්‍රබලතම කුණාටුව මෙම සුළි කුණාටුව විය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇතැයි සඳහන් ය.