Connect with us

පුවත්

මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළසිරුරක්

Published

on

මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් අනුව එම මළසිරුර සොයාගත් බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය 25වනදා අදාළ ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.

පසුව පොලීසිය විසින් අදාළ කාන්තාව ගෙන්වා විමර්ශන සිදුකර ඇති අතර ඇය විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව පස්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පුවත්

රුහුණු මහා කතරගම දේවාලයේ දෙවන පෙරහර අදයි

Published

on

By

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන පෙරහර අද රාත්‍රී 7.30ට යෙදෙන සුබ මොහොතින් වීථී සංචාරය කිරීමට නියමිතය.
 
පෙරහර මංගල්‍ය ලබන මස 10 වනදා දක්වා පැවැත්වෙන අතර, දිය කැපීමේ මංගල්‍ය ඊට පසුදින සිදු කිරීමට නියමිතය
 
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන කටයුතු සදහා පොලිස් නිලධාරී 1050ක පිරිසක් යොදවා ඇති බවය.
 
මීට අමතරව පානම සිය යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබාදී තිබේ.

Continue Reading

පුවත්

උඩරට දුම්රිය ධාවනයට බාධා

Published

on

By

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබේ.

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා එල්ලවී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ් සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. 

Continue Reading

පුවත්

අනුරාධපුර රෝහලේ  අසූචි මිශ්‍ර ජලය මල්වතු ඔයට!

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ, රෝහලෙන් මුදාහැරෙන අපවිත්‍ර ජලය නගරයේ මධ්‍යම කානු පද්ධතිය හරහා අනුරාධපුර මල්වතු ඔයට එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ ස්වභා උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ගැවසිය නොහැකි තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එසේම මෙම අපවිත්‍ර ජලය මල්වතු ඔයට එකතුවීමෙන් එහි දියනෑමේ නිරත ප්‍රදේශවාසින්ට මෙන්ම සංචාරකයින්ට ද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පැවසුවේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු බලධාරින් කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේදීම ප්‍රදේශය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved