පුවත්

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරක්

Published

on

අද (28) අලුයම කිලිනොච්චිය පොලිස් වසමේ උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවය.

ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමෙන් මෝටර් රථයේ රියදුරු ලෙස සිටි අවුරුදු 38ක පුද්ගලයෙක් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරු සහ තවත් දෙදෙනකු මෝටර් රථයකින් කනකපුරම් ප්‍රදේශයට ගොස් සිටිය දී ඇති වු ආරවුලක් හේතුවෙන් මෙලෙස යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version