Connect with us

පුවත්

මෝදිගේ සංචාරයට කලින් වීථි සුනඛයන් ඉවත් කිරීම ගැන විරෝධය!

Published

on

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙරාතුව වීථි සුනඛයන් ඉවත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සත්ව සුභසාධන සංවිධාන සිය බලවත් විරෝධය පළ කර තිබේ.

ඔවුන් පවසන්නේ කොළඹ හා අනුරාධපුර නගර වල වීථි සුනඛයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

හෙට (04) දිනයේ ලංකාවට පැමිණෙන මෝදි මහතා මෙම සංචාරය අතරතුරදී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වැදපුදා ගැනීමටද නියමිතය.

මෙලෙස වීථි සුනඛයන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් RARE Sri Lanka සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් අද කොළඹ දී විරෝධතාවයක නිරත විය.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයටද ඔවුන් මේ සම්බන්ධයෙන් සංදේශයක් භාර දී ඇත.

නිවේදනයක්ද නිකුත් කර ඇති RARE Sri Lanka සංවිධානයේ සභාපතිනිය වන පංචාලි පනාපිටිය මහත්මිය පෙන්වා දෙන්නේ ජනපති අනුර කුමාර දිසානායක මහතා හා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා ‘සත්ත්වය සුබසාධනය’ යොදාගෙන තිබුණද, සුනඛ ව්‍යන්ධකරණය සඳහා මෙවර අයවැයෙන් සතයක් හෝ වෙන්කර නැති බවයි.

ඉන්දියාවෙත් වීථි සුනඛයන් මිලියන 70ක්

මේ අතර, තවත් නිවේදනයක් නිකුත් කර ඇති Rescue Animals Sri Lanka සංවිධානයේ අනූෂා ඩේවිඩ් මහත්මිය පෙන්වා දෙන්නේ සත්ත්වයන් හට ආදරය කරුණාව දක්වන්නෙකු ලෙස ඉන්දීය අගමැතිවරයා ජනප්‍රිය බවත්, ඉන්දියාවේ වීථි සුනඛ ජනගහනය මිලියන 70ක් පමණ වන බවත්ය.රටක ශ්‍රේෂ්ඨත්වය සහ එහි මිනිසුන්ගේ සදාචාරාත්මක තත්ත්වය විනිශ්චය කරනු ලබන්නේ එහි සතුන්ට සලකන ආකාරය මත යැයි මහත්මා ගාන්ධි පැවසූ බවට සිහිපත් කරන ඇය, ‘ජනතාවාදී නායකයා’ ලෙස පෙනී සිටින ජනාධිපතිවරයා හට සිය මැතිවරණ පොරොන්දු ද අමතක වී ඇති බව පවසයි.

හදිසි තීන්දු ගන්නෙපා

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ප්‍රමුඛ සත්ව සුභසාධන පුණ්‍යායතනයක් වන Blue Cross of India (BCI) ද මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමු කර තිබේ.

එම සංවිධානයේ සභාපති වෛද්‍ය එස්. චින්නි ක්‍රිෂ්ණා මහතා ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ඉන්දියාව යනු සත්ව සුභසාධනය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති රටක් බවයි.

එබැවින් ඉන්දියාවේ සත්ත්ව උපත් පාලන වැඩසටහනයේ නීති වෙත අවධානය යොමු කරන ලෙසත්, ඉන්දීය අගමැතිවරයා ගේ පැමිණීම නිසාවෙන් සුනඛයන් ඉවත් කිරීමට හදිසි තීරණ නොගන්නා ලෙසත් මහනගර සභා වලට උපදෙස් ලබා දෙන ලෙස ක්‍රිෂ්ණා මහතා, මෙරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.


පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved