Connect with us

පුවත්

මෝදි – සජිත් හමුවේ

Published

on

මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මෙරට විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (05) පැවැත්වුණි.

මෙම හමුව සම්බන්ධයෙන් මෝදි මහතා ගේ X ගිණුමේ දැක්වෙන්නේ මෙසේය :
“ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවීම සතුටකි. ඉන්දියා-ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එතුමාගේ පෞද්ගලික දායකත්වය සහ කැපවීම අගය කළෙමි. අපගේ සුවිශේෂී හවුල්කාරිත්වයට ශ්‍රී ලංකාව තුළ පක්ෂ භේදයකින් තොරව සහයෝගය හිමි වේ. අපගේ සහයෝගීතාවය සහ ශක්තිමත් සංවර්ධන හවුල්කාරිත්වයට මඟ පෙන්වන්නේ අප දෙරට ජනතාවගේ සුබ සිද්ධියයි.”

මේ අතර, සජිත් ප්‍රේමදාස මහතා ද පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව හමුවීමට හැකිවීම තමා ලද ගෞරවක් ලෙස සලකන බවත්, පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳ ⁣කෘතඥ වන බවත්ය.
“මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට හැකිවීම මා ලද ගෞරවයක් සේ සලකමි. මෙය ආර්ථික සහයෝගීතාවකට වඩා ගැඹුරට විහිදුණු අවස්ථාවක් ලෙස සලකමි. එය අපගේ රටවල් අතර ගැඹුරු හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඇරයුම් කිරීමකි. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අදාළ සාමුහික ඉදිරි ගමනක් අන්තර්ගත අනාගතයක් හැඩගැස්වීමට අවස්ථාව පවතී. එහිදී වෙළඳාමෙන් පමණක් නොව, අපගේ ජනතාවගේ යහපැවැත්මෙන් ද වර්ධනය මනිනු ලබයි. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳ මා ⁣කෘතඥ පූර්වක වෙමි,” යැයි ප්‍රේමදාස මහතා පවසයි.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved