පුවත්

මෝරුන්ගෙන් කොකේන් හමුවේ

Published

on

බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ මෝරුන් තුළ කොකේන් ඇති බව සොයාගෙන තිබේ.

මෝරුන් මෙලෙස මත්ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේදැයි විද්‍යාඥයන්ට සැක ඇති වී ඇති බව සඳහන්ය.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එම මත්ද්‍රව්‍ය මෙම සතුන්ගේ හැසිරීම් වෙනස් කළ හැකි බවය.

රියෝ ද ජනයිරෝ අසල මුහුදු ජලයේ ජීවත්වන බ්‍රසීලියානු තියුණු මෝරුන් 13 දෙනෙකු සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකදී, සමුද්‍ර ජීව විද්‍යාඥයින් ඔවුන්ගේ මාංශපේශී සහ අක්මාව තුළ කොකේන් ඉහළ මට්ටමක පවතින බව සොයා ගෙන ඇත.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන නීති විරෝධී රසායනාගාරවල ජලාපවහනයෙන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අපද්‍රව්‍ය, පිරිපහදු නොකළ අපද්‍රව්‍ය මගින් කොකේන් මත්ද්‍රව්‍ය මෙම මෝරුන්ගේ ශරීරගත වී ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදට දැමූ කොකේන් මිටි මෝරුන් ආහාරයට ගැනීමද විය හැකි බව ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් විද්‍යාඥයන් අවධාරණය කර ඇත්තේ මෙය මෙම සතුන්ට ඉතා අහිතකර තත්ත්ව ඇති කරන බවය.

Trending

Exit mobile version