පුවත්

මෝල් හිමියන් හාල් හංගන් ඉන්නව කියන එක බොරුවක් – ජනපති

Published

on

මහා පරිමානයේ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙක් විසින් සහල් සඟවාගෙන සිටින්නේ දැයි ජනපතිගෙන් මාධ්‍ය වේදියකු කළ ප්‍රශ්න කිරීමේදී එය බොරුවක් බව ජනපති අනුරකුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (21) රාත්‍රීයේ සිරස TV ඔස්සේ විකාශය වූ සටන විශේෂ වැඩසටහනට එක්වෙමිනි.

රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

විදෙස්ගතව සිටින ප්‍රබල අපරාධකරුවන් 65 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, අපරාධ මර්දන පියවරක් ලෙස හඳුනා ගත් බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි.

එලෙස අනුයුක්ත කෙරෙන විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මාස තුනෙන් තුනට වෙනස් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

Trending

Exit mobile version