දැඩි වියළි කාලගුණය හමුවේ යල කන්නයේ වැඩිම වගා හානි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව, ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා මේ බව පවසා ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අද පැවති සාකච්ඡාවකදීය.
මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සෑම දිස්ත්‍රික්කයකම වහා හානි තක්සේරු කිරීම් ආරම්භ කර තිබේ.
ඒ අනුව දැනට සිදු කර ඇති තක්සේරු කිරීම් අනුව වැඩිම වගා හානි වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ය.
මේ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතිය තුළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දීමට නියමිතයි.
(News 1st)