පුවත්

“යළි අරගලයකට ඉඩක් නෑ”

Published

on

යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ජනාධිපති මාධය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

රුසියානු යුද්ධය සඳහා ශ්‍රී ලාංකිකයින් යෑම මේ වනවිට නැවතී ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා එහිදී සඳහන් කලේය.

අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵලයක් නොමැතිව ලංකාවේ දෙවැනි අරගලයක් ඇති වුවහොත් එය වළක්වාගන්නෙ කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසූ විට ඊට අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

“ඒ වෙලාවේ ඇති වුණ තත්ත්වය ඉතාම හදිසියේ ඇතිවුණ තත්ත්වයක්. නමුත් අපි සියලුදේ අධ්‍යයනය කළා ඇයි මෙහෙම වුණේ? කොහොම ද මෙහෙම වුණේ ? කවුද මේකට වගකිව යුත්තේ කියන හැමදේම හොයලා ඒවට අවශ්‍ය නිති පියවර අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. මොකද ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ආවොත් පොලීසිය සැදී පැහැදි ඉන්නවා. පහුවෙලා හරි ආරක්ෂක අංශ විශාල මැදිහත්වීමක් කළ නිසා තමා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. නමුත් ඒ වෙද්දිත් විශාල හානියක් වෙලා තිබුණේ. කොහොම වුණත් නැවත එවැනි තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නෑ.”

Trending

Exit mobile version