පුවත්

යාචකයෙක් දොස්තර කෙනෙක් මරලා!

Published

on

තලාහේන ප්‍රදේශයේ 54 හැවිරිදි දේශීය වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙකු ‌ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි වෙල්ලපල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු යාචකයෙකු වශයෙන් සිට මරණකරුගෙන් මුදල් ඉල්ලීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් තලවතුගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී වෛද්‍යවරයාව ඝාතනය සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version