Connect with us

පුවත්

යාපනයේ ඇතැම් මරණවලට හේතුව

Published

on

හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා මහතා මේ බව කියා සිටියේ, කොළඹ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ඇය සඳහන් කළේ, මියගිය රෝගීන් 7 දෙනාගේ සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට යවා පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්,  රෝගීන් කිහිප දෙනෙකුගේ සාම්පල් නියැදී මී උණ ලෙස තහවුරු වී තිබෙන බවය.

එමෙන්ම අනෙකුත් පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කලේය.

පුවත්

අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

Published

on

By

අද (14) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරු හිගය හා රියදුරන් නිවාඩු යාම හේතුවෙන් පසුගිය දිනදෙක තුළ දුම්රිය 23 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ.

ප්‍රධාන, මුහුදු බඩ, පුත්තලම හා කැලණිවැලි යන මාර්ගවල දුම්රිය අවලංගුවීම් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිගුකලක් පුරා පවතින දුම්රිය රියදුරු හිගයට කඩිනම් විසඳුම් ලබාදීමට රජය මෙන්ම පාලනාධිකාරිය මෙතෙක් අපොහොසත් වීම දුම්රිය අවලංගුවීමට ප්‍රධාන හේතුවක් බව දුම්රිය රියදුරු සංගමය පවසයි.

Continue Reading

පුවත්

මෙරට 70%ක් මරණ සිදුවන හේතුව හෙළිවේ

Published

on

By

ලංකාවේ සිදුවන සමස්ත මරණ අතුරින් 70%ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන්  34.8%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවය.

ඒ අතරින්  64%ක් ඒ සඳහා ඖෂධයක් භාවිතා නොකර බවටද හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළාය.

“බොහෝ වෙලාවන්වලදී මේකේ කිසිම රෝග ලක්ෂණයක් දක්වන්නේ නෑ මුල් අවස්ථාවන්වලදී. නමුත් මේ අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවතියාට පස්සේ, සමහර වෙලාවට අපි ඉස්සෙල්ලාම හඳුනාගන්නේ අඝාතය.සමහර අවස්ථාවලදී හෘදයාබාධයක් විදියටත් අධික රුධිර පීඩනය එළියට එන්න පුළුවන්.

වකුගඩු රෝගවලට ගොදුරු වුණ අයටත් අධික රුධිර පීඩනය එක ප්‍රධාන සාධකයක් වෙනවා.

සිදුවන මරණ අතරින් 70%ක් පමණ අධික රුධිර පීඩනය නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ කියන එක සොයාගෙන තියෙනවා අපේ දත්තවලට අනුව.

බෝ නොවන රෝග පිළිබඳව අපි වසර 5කට වරක් ලංකාවේ කරනවා සමීක්ෂණයක්. 2021 දත්තවලට අනුව 34.8%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. මේ ජනතාවෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් මේ සඳහා භාවිතා කරන්නේ නෑ.

තමන්ට අධික රුධිර පීඩනය තියෙනවා කියලා දැනගෙන හිටියේ, 18%ක් විතර ප්‍රමාණයක්. එය භයානක තත්ත්වයක්. ඒ අනුව අලුතින් හඳුනාගත්ත රෝගීන් ප්‍රමාණය වන්නේ 54.7%ක්. මේ අධික රුධිර පීඩනය හඳුනාගත්ත පුද්ගලයින් අතරින් පාලනය කරගෙන තියෙන්නේ 14%ක් පමණයි.

මේක ඉතාමත් භයානක තත්ත්වයක්.”

අධි රුධිර පීඩන තත්ත්වයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

“රෝහල්වලට අමතරව අපිට තියෙනවා සුවදිවි සායනය කියලා. කුඩා ඒකක. නමුත් මේවාට රෝගීන්ගේ පැමිණීම ඉතා අඩුයි.

අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත්.පිරිමි පුද්ගලයෙකු නම් දුම්පානය, මත්පැන් පානය වගේ දේවල් ඉතා නරක දේවල් බලපානවා.රෝගීන් නිතර ව්‍යායාමවලට යොමු විය යුතුයි. එය ඉතා වැදගත්”

Continue Reading

පුවත්

කොළඹ පුරපති තෝරන ඡන්දය ලබන 02 වැනිදා

Published

on

By

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම එළැඹෙන ජූනි මාසයේ 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබයි.

මෙවර කොළබ නගර සභාවට පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන්  මෙලෙස මෙසේ ඡන්දයකින්  තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි  පක්‍ෂයක් 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.

පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන  ඡන්ද විමසීමේදී    50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට  නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන්  තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.

මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන්  සංඛ්‍යාවක් මෙවර පත්ව ඇත්තේ විපක්ෂයෙනි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved