යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබෙන අතර ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වේ.
රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කර ඇති අතර ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත මෙම ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කෙරිණි.
දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාල බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.