පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 50කට වැඩි බහුතර බලයක් කිසිදු දේශපාලන පක්ෂකයට හිමි නොවූ පළාත් පාලන ආයතනයක් ලෙස පැවැති මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ඊයේ (13) ජාතික ජන බලවේගය සමත් විය.
උතුරුමැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රෙය්දී පැවැති එම රහස් ඡන්ද විමසීමේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයේ ධනපාලගේ විමලතුංග මහතාට දිනා ගනිද්දී එහි උපසභාපති ධූරය සඳහා පැවැති විවෘත ඡන්ද විමසීමේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාය.
සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10 දෙනෙකු තේරී පත් වූ අතර සෙසු දේශපාලන පක්ෂ කිහිපයකින් සභිකයින් 11 දෙනෙකු තේරී පත් විය.
මේ අතර, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය ඊයේ (13) සමත් විය.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂකයා බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයගෙන තිබේ.
මේ අතර යාපනය මහනගර සභාවේ බලය පිහිටු වීමට යාපනේ නගරාධිපතිනී මදිවදනි, මැදවච්චියේ උප සභාපති පොහොට්ටුවෙන්
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 50කට වැඩි බහුතර බලයක් කිසිදු දේශපාලන පක්ෂකයට හිමි නොවූ පළාත් පාලන ආයතනයක් ලෙස පැවැති මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ඊයේ (13) ජාතික ජන බලවේගය සමත් විය.
උතුරුමැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රෙය්දී පැවැති එම රහස් ඡන්ද විමසීමේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයේ ධනපාලගේ විමලතුංග මහතාට දිනා ගනිද්දී එහි උපසභාපති ධූරය සඳහා පැවැති විවෘත ඡන්ද විමසීමේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාය.
සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10 දෙනෙකු තේරී පත් වූ අතර සෙසු දේශපාලන පක්ෂ කිහිපයකින් සභිකයින් 11 දෙනෙකු තේරී පත් විය.
මේ අතර, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය ඊයේ (13) සමත් විය.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂකයා බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයගෙන තිබේ.
මේ අතර යාපනය මහනගර සභාවේ බලය පිහිටු වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) සමත්ව තිබේ.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේ පක්ෂයෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස විවේකානන්දරාජා මදිවදනි තේරී පත්ව ඇති බවයි.
නගරාධිපති ධුරය සඳහා පැවති ජන්දයේ දී ඇයට ඡන්ද 19ක් ලැබී තිබූ අතර, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ඊ.පී.ඩී.පී. පක්ෂවල ද සහාය ඇයට හිමිව තිබේ.
මේ අතර ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇති බවද පැවසේ.