කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ඊරට්පෙරියකුලම සහ පූනෑව උප දුම්රිය ස්ථානයන් අතරදී පීලිපැනීමකට ලක්ව ඇත.
දුම්රියේ එන්ජිම සහ මැදිරි දෙකක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති අතර, සිද්ධිය හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චිය හන්දිය සහ වවුනියාව අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර, කන්කසන්තුරේ – කොළඹ අතර දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය 2ක් අවලංගු වී තිබේ.
බාධා එල්ල වී ඇති උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
(ඡායා : ලංකාදීප)