පුවත්

යාල යළිත් අරියි

Published

on

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යළි විවෘත කර ඇති බව වාර්තා වේ.

උද්‍යානය තුළ ඇති නිවාඩු නිකේතන හතද යළි යථාතත්වයට පත්කොට ඇති බවද උද්‍යාන භාර නිලධාරී මනෝජ් විද්‍යාරත්න පවසයි.

පසුගිය මාස කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලුණු අධික වර්ෂාව සමග වනෝද්‍යානය තුළ ඇති වැව්, ජලකඩිති පිටාර ගලා තිබුණු අතර, මේ හේතුවෙන් එහි මාර්ග පද්ධතිය යටවී ඛාදනයට ලක්වීමත් සමග වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමුණි.

මෙම තත්ත්වයත් සමග වනජීවී නිලධාරීන්, යුද හමුදාව ඒකාබද්ධව ප්‍රධාන මාර්ග පද්ධතිය මේ වනවිට පිළිසකර කොට තිබේ.

සබැඳි පුවත් :

යාල ප්‍රධාන පිවිසුම වසා දමයි

Trending

Exit mobile version