පුවත්

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය අද සිට විවෘතයි!

Published

on

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස ලුණුගම්වෙහෙර වනෝද්‍යානය අද (25) විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේ, යාල වනෝද්‍යානයට පවතින දැඩි සංචාරක ආරක්ෂණය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

යාල 6 වැනි කලාපයට හෙක්ටෙයාර් 27,185ක් ඇතුළත් වන අතර ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ප්‍රකාශ කළේ, ජලචර පක්ෂීන් රැසක් මෙම කොටසේදී සංචාරයින්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා වන බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ කොටසේ වැව් කිහිපයක්ද අලුත්වැඩියා කර පක්ෂීන් වෙනුවෙන් වෙන් කර ඇති බවයි.

Trending

Exit mobile version