යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වනපරිදි හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් නවදෙනා ඇප මත මුදාහැර තිබේ.
එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මෙලෙස ඔවුන් මුදාහැර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ඔවුන් පැමිණි මෝටර් රථ 6ක් සමග වනජීවි දෙපාර්තමේන්තුවට භාරවී තිබුණු අතර, පසුව ඔවුන්ව අදා වාහන සමග අද තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
මේ අතර, අද දිනයේදී කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අංශවලට දැනුම් දුන් බවයි.
සබැඳි පුවත්
යාල සිද්ධිය දේශපාලන බලපෑමකින් තොරව විමර්ශනය කරන්න – ජනපති
යාල පිස්සූ නැටූ සෑම් හා අමරවීරලාගේ කට්ටිය අවුරුදු 7ක් හිරේ යවයිද?
යාල වනෝද්‍යානයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම්