Connect with us

පුවත්

යුක්තිය නත්තලට නවතියි

Published

on

උත්සව සමය කේන්ද්‍ර කරගනිමින් යුක්තිය මෙහෙයුම තාවකාලිකව සීමාකල බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව රාජකාරියේ යෙදවීම හේතුවෙන් එම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

එහිදී මහජනතාව මගින් ලැබෙන තොරතුරු මත වැටලීම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වී සිටින බව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර යුක්තිය මෙහෙයුමේදී දින 06 ක් තුළ සැකකරුවන් 12,132 කු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 08කට අධික ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක්, හා ගංජා කිලෝග්‍රෑම් 269 ක් සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් 636 දෙනෙකු සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට කටයුතු කර ඇත.

සැකකරුවන් 151 දෙනෙකුගේ දේපල සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පොලිසිය පැවසුවේ, සැකකරුවන් 998 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.

සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved