Connect with us

පුවත්

යුක්රේන ජාතිකයන් ලක්ෂ 18කට විද ඇත්තේ සම්පත් බැංකුවේ ගිනුමකින්

Published

on

මෙරටට පැමිණෙන යුක්රේනය, නයිජීරියාව, බල්ගේරියාව සහ ඉන්දියානු ජාතිකයන් අන්තර්ජාලය ඔස්සේ සූක්ෂම අයුරින් සිදු කරන මහා පරිමාණ මුදල් වංචාවන් සමස්ත බැංකු පද්ධතියටම බරපතළ තර්ජනයක් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට ඊයේ (30) දැනුම් දුන්නේය.

මෙම විදෙස් ජාතික සැකකරුවන් සමාජ මාධ්‍ය හරහා සංවිධානය වෙමින් ඉතිරි කිරීම් හා ස්ථාවර තැන්පතු ගිණුම්වල පවතින මුදල් ද අන්තර්ජාල පිවිසුම් මගින් වංචා කර ඇතැයි අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අදාළ සිද්ධිය හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩාවැටී ආර්ථිකයට දැඩි හානියක් සිදු විය හැකි බව ද පෙන්වා දුන්නේය.

මෙම සැකකරුවන් සිදු කර ඇති අපරාධය මෙරට බැංකු පද්ධතිය හා ගිණුම් හිමියන් අධෛර්යමත් කරන ක්‍රියාවක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

සම්පත් බැංකුවෙ තම බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළු වී රුපියල් 18,10,000 ක මුදලක් ලබාගෙන වංචා කරන ලදැයි කඩවත, ගනේමුල්ල පාර පදිංචි අයේෂා කාංචනී බොතේජු නමැත්තිය විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනය කිරීමේදී අදාළ අපරාධය පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

සම්පත් බැංකුවේ 35 වැනි සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් පවතින බවට මුහුණුපොත ඔස්සේ පළවූ දැන්වීමක් දැක, ඒ වෙත සිය බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාදීමෙන් අනතුරුව පැමිණිලිකාරිය අදාළ වංචාවට හසුවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේය.

මෙම වංචාවට අදාළව යුක්රේන් ජාතිකයන් වන Liubomyr shvets සහ Nikita arhunov සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

එම සැකකරුවන් දෙදෙනා මෙම මස 10 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම අපරාධයට සම්බන්ධ සියලු විදේශ ජාතික සැකකරුවන් සහ ඔවුන්ට අන්තර්ජාලය හරහා මුදල් වංචාවන් සිදු කිරීමට පහසුකම් සපයන ලද මෙරට සියලු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සබැඳි පුවත්
සම්පත් බැංකුවේ CEO ට අධිකරණ නියෝගයක් ! 

සම්පත් බැංකුවේ මහ වංචාවකට ලොක්කෝ 5කට රටයාම අධිකරණය තහනම් කරයි
සම්පත් හා DFCC බැංකු වලට මහබැංකුවෙන් දඩ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved