Connect with us

පුවත්

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්වෙයි

Published

on

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා අද (29) පත්කර ඇත.

යුද හමුදාපති  ලුතිනන් ජෙනරාල්  විකුම් ලියනගේ මහතා ගේ නිර්දේශ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  මෙම පත්වීම සිදුකර ඇත.

පත්වීම අදාල ලිපිය අද පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී  යුද හමුදාපතිවරයා අතින් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා ලබා ගෙන ඇත.

චන්න විරසුරිය මහතා 1986 වසරේ  26 බදවා ගැනීම යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන්  යුද හමුද පුහුණුවට එක්ව ඇති අතර, පුහුණවෙන් පසු 1987  වසරේ   දෙවන ලුතිනන්වරයකු වශයෙන් 1 වන පාබල හමුදා රෙජිමේන්තුව එක්ව ඇත.

නව පත්වීම  පෙර ඒ මහතා යුද හමුදා  නියෝජ්‍ය මාණ්ඩලික වශයෙන් ද  කටයුතු කර ඇති බව හමුදාව පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ මේජර් ජෙනරාල්  චන්න විරසුරිය යන මහත්වරුන්  26 වැනි බඳවා ගැනීම යටතේ එකට යුද හමුදාවට පුහුණුවට එක්වීම  විශේෂ සිද්ධියක් විය.

මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා කොළඹ මහානාම විද්‍යාලයේ ආසි සිසුවෙකි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved