Connect with us

පුවත්

යුපුන්ගෙන් ජයක්

Published

on

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක දී මීටර් 150 ඉසව්ව ජයග්‍රහණය කර තිබේ.

ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය  හිමිකරගෙන ඇත.

එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය  මෙයයි.

පුවත්

චීනයෙන් අමෙරිකාවට  125%ක තීරු බද්දක්

Published

on

By

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පනවන ලැබූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබේ.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා තිබුණි.

චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ සමස්ත තීරු බද්ද 145%ක් වන බවයි.

ඊට ප්‍රතිචාර ලෙස චීනය අද මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර ඇත.

Continue Reading

පුවත්

ලංකා විදුලිබල මණ්ඩලයෙන් සුබ පණිවුඩයක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව නිවේදනය කරයි.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ උත්සාහයේ මෙය සැලකිය යුතු සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සළකනු ලබයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ මෙගාවොට් 350 ක සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන්, මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සැපයීමට නියමිත අතර තවත් මාස 12 කින් පසු, එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමටද සැලැසුම් කර තිබේ.

Continue Reading

පුවත්

ගෝලීය කම්පනයන් ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම පිළිබඳ IMF අදහස් පළ කරයි

Published

on

By

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතා ප්‍රමුඛ IMF නිලධාරී කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් මේ බව පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායම ඉකුත් 3වනදා සිට මෙරට සංචාරයක නිරත විය.

ඒ අනුව සිය දූත මෙහෙය අවසන් කරමින් නියෝජිත කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියේ, මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන් හමුවේ තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කරමින් පවතින බවයි.

එසේම ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විසින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හරහා අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවී ඇති බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයෙන් පසු 2024 දී 5%ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත්වීම වඩා වැදගත් සිදුවීමක් බව ඔවුන් මෙහිදී පෙන්වා දෙයි.

එසේම මෑත කාලීනව උද්ධමනය -2.6% දක්වා පහත වැටීම, ශ්‍රී ලංකා මහ බැංකුව සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමග 2025 මාර්තු අග වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුම හිමිව තිබේ.

එසේම ඔවුන් පවසන්නේ සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved