Connect with us

පුවත්

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද මෙරටට

Published

on

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය.

යුරෝපා සංගමයේ  GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන  මැයි මස  07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇත.

එහිදී දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

2024 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 3 ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය මෙරට දෙවන විශාලතම අපනයන ගමනාන්තය බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

සබැඳි පුවත්

පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

Published

on

By

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදී ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ ස්ථාන මාරු කිරීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බවයි.

Continue Reading

පුවත්

ඉරානයේ හා ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක් 

Published

on

By

කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙයි.

පැය 24 පුරා විවෘත හදිසි සහාය සඳහා අමතන ලෙසද එම අමාත්‍යංශය ඉල්ලා සිටියි.

1. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක – කොළඹ

  • දුරකථන: +94 112 325 373/ +94 112 325 375/ +94 112 207 200/ +94 112 207 207
  • ෆැක්ස්: +94 112 446 091 / +94 112 333 450 / +94 112 430 220
  • විද්‍යුත් තැපෑල: [email protected]

2. ඉරානයේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
            • දුරකථන: +98 939 205 5161/ +98 991 205 7522 (සිංහල/ඉංග්‍රීසි)/ +98 936 636 0260

3. ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
            • දුරකථනය (WhatsApp පමණි): +94 71 844 7305/ +94 71 683 3513/ +94 71 974 2095

Continue Reading

පුවත්

ඖෂධ හිඟය ගැන නියොජ්‍ය සෞඛ්‍ය ඇමති පැහැදිලි කරයි

Published

on

By

මෙරට තුළ ඖෂධ හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් කරුණු දක්වා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජයේ රෝහල් තුළින් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ඖෂධ හිඟයක් ඇති බවට යම් යම් පාර්ශ්වයන් විසින් පවසා ඇති නමුත්

“අධි රුධිර පීඩනය, දියවැඩියාව වගේ දේවල්වලට දෙන ඖෂධ එහෙම හිඟයක් නෑ. නමුත් ඖෂධ වර්ග කිහිපයක සැපයුමේ යම් යම් බිඳ වැටීම් අපි නිරීක්ෂණය කරලා තියෙනවා සහ ඒවට අපි අවශ්‍ය ප්‍රතිකර්ම යොදලා තියෙනවා. ඒක අද ඊයේ ඇතිවුණ දෙයක් නෙමේ අවුරුදු ගණනාවක් පැවතුණු තත්ත්වයක්. එහෙම තත්ත්වයක් වුණත් ඇති නොවෙන්න අපි දැන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. 2026 අවුරුද්ද වෙනකොට මේක සම්පූර්ණයෙන් වගේ මග හරවගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.

ඔවුන් මේ සඳහා යොදා ගන්නේ අපේ මධ්‍යම බෙහෙත් ගබඩාවේ තියෙන දත්ත පද්ධතිය. ඒ දත්ත පද්ධතියෙන් විතරක් අපේ  රෝහල්වල තියෙන ඖෂධ ගැන කොහොමද තියන්නේ කියන එක කියන්න බෑ.

යම් කිසි බෙහෙතක් නැත්නම් ඒ බෙහෙත ප්‍රාදේශීව මිලදී ගැනීමේ ක්‍රියාවලියක් අපිට තියෙනවා ඒ හරහා අපි ලබා දෙනවා. ඒ නිසා ඖෂධ 180ක් මධ්‍යම බෙහෙත් ගබඩාවේ නැති වුණා කියලා රෝගීන්ට බෙහෙත් නැති වෙන්නේ නෑ ඒ සඳහා වූ ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවල බෙහෙත් තියෙනවා.

මේ දවස්වල නිතර කතා වෙන බෙහෙතක් තියෙනවා ඒ බෙහෙත පිළිකා සඳහා ප්‍රතිකාර ලබා දීලා ඊට පසුව දෙන බෙහෙතක්. ඒ බෙහෙතේ පසුගිය සතියක දෙකක වගේ සප්ලයි චේන් එකේ බිඳ වැටීමක් සිද්ධ වුණා අපි දැන් ඒක නිවැරදි කරගෙන යනවා. අපිට මාස 10කට ආසන්න තොගයක් ළඟදීම ලැබෙනවා.

රෝහල්වලට එන නිදහස් සෞඛ්‍ය සේවය මත තමන්ගේ ජීවිත පවත්වාගෙන යන මිනිස්සුන්ව බය කරන්න එපා. මේවා ඉතාම සංවේදී කාරණා.”

(අද දෙරණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved