පුවත්

යූරියා මිල ජුනි මැදදී අඩුවෙයි

Published

on

රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක්, ජූනි 15දා සිට රු.9000ක් දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

යූරියා පොහොර මිල අඩු කිරීම පිළිබඳව අද දින පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

පසුගිය යල කන්නයෙදී යුරියා මිටිය රු. 42,000කට අලෙවි කල පෞද්ගලික අංශය, රජය විසින් රු.10,000ක අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමත් සමගම රු.11,000ක් දක්වා මිල පහත හෙලූ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තවද, ජුනි 10 – 12 අතර මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිතය.

Trending

Exit mobile version