මෙරට යූ ටියුබ් නිර්මාණකරුවන් පිරිසක් විසින් ඊයේ (23) “ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුව” ලෙස නව එකමුතුවක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පිහුටුවාගත්තේය.
ඒ යූ ටියුබ් නිර්මාණකරුවන් සදහා දැනුම, තාක්ෂණය, ආචාර ධර්ම, ආරක්ෂාව හා සංවිධානගතවීම හා එම නිර්මාණකරුවන්ට වෘත්තීයභාවය ලබාදීම යන කරුණු මුල්කර ගනිමිනි.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ හා ජනමාධ්‍ය සාමූහිකය මාධ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් මෙම එකමතුව ගොඩනැගීම සිදුකර තිබේ.
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පරිපාලන කළමනාකාර ගරු ජෝ කුරේ පියතුමා, මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරී තිළිණ අලහකෝන් මහතා හා YFM ආයතනයේ හිටපු වැඩසටහන් නිශ්පාදක, නිවේදක හා යූ ටියුබ් ක්‍රියාකාරී චානක රණසිංහ මහතා විසින් මෙහිදී සභාව ඇමතීය.