පුවත්

යූ ටියුබ් වීඩියෝ බලා ස්නයිපර් එකක් හැදූ අයෙක් අත්අඩංගුවට

Published

on

යූ ටියුබ් එකේ දර්ශණ නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු ඊයේ (30) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු බවත්, කලක් මත්කුඩු පානයට ඇබ්බැහිව සිට පුනරුත්ථාපනය වී පැමිණ සිටින අයෙකු බවත් පොලිසිය පවසයි.

ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදුයකඩ කොටස්, ස්ප්‍රීන්, යකඩ සහ ඇලුමිනියම් බට ගිනි අවිය නිපදවීම සදහා උපයෝගී කරගෙන ඇති බවත් ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා දුර දක්නයක්ද සවිකර තිබූ බවද පොලිසිය පවසයි.

ගිනි අවිය සදහා කුඩා යකඩ බෝල උපයෝගී කරගෙන බළලුන්, සුනඛයින් සහ ඉගිලෙන කුරුල්ලන්ට වෙඩිතබා ඇති බවත්, වෙඩි ප්‍රහාර වලට ලක්වූ සතුන් එම ස්ථාන වලම ඇදවැටී මරණයට පත්ව ඇති බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.

යකඩ බෝලවලට වඩා වැඩි බලයක් ලබාගැනීම සදහා වෙනත් අත්හදා බැලීමකට කොටස්වලට ගලවා තිබියදී ගිනි අවිය සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගත්බවද පොලිසිය පවසයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Trending

Exit mobile version