මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකින් පෘථිවිය ආසන්නයෙන් ගමන්කර ඇත.
විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදා වීම විශේෂත්වයකි.
2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගමන් කළ බව ද පැවැසෙයි.
එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරකි.
2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද පැවැසෙයි.