පුවත්

යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය.

 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණි.

ඒ අනුව පූර්ව නඩු විභාගය මැයි මස 30වනදා පැවැත්වීමට අධිකරණය නියම කළේය.

Trending

Exit mobile version