පුවත්

රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුමගේ ඔස්ට්‍රේලියාවේ නිවස ගිනි ගනී

Published

on

ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙක් වන ශ්‍රීනාත් මද්දුමගේ මහතා පදිංචිව සිටින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හී එපින් හී පිහිටි නිවස ඔක්තෝම්බර් (31) දා ගිනි ගෙන විනාශ වී තිබේ.

මේ දිනවල එරටට පවතින දැඩි ශීත දේශගුණයක් බැවින් නිවස උණුසුම් කිරීමට උණුසුම් යන්ත්‍රය නිරත ක්‍රියාත්මකව පවතින බවත් එය පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් විශ්වාස කරයි.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුවන විට ශ්‍රීනාත් මද්දුමගේ මහතාගේ පවුල නිවසේ රැදී නොසිටි ඇති බව එරටින් ලැබෙන තොරතුරුවල සඳහන් වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් මෙල්බන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සඳහන්ය.

Trending

Exit mobile version