එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
එසේම, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ලිපියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (30) අත්සන් කිරීමට නියමිත බවද පැවසේ.
පක්ෂයේ කළමනාකරණ කමිටුව පෙරේදා (29) රැස් වූ අවස්ථාවේදී පාලිත රංගේ බණ්ඩාර තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
තවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණය සඳහා ඔහු සක්‍රිය දායකත්වයක් නොදීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරු පක්ෂ නායකත්වයට පැමිණිලි කිරීම නිසා මේ තීන්දුව ගෙන ඇතැයි පැවසේ.
එම පැමිණිලි සම්බන්ධයෙන් පක්ෂයේ නීතිඥ මණ්ඩලය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව පක්ෂ නායකත්වය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
මේ අතර, හිටපු මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ද එජාප මහ ලේකම් ධූරයට යෝජනා වී ඇති බව පැවසේ.
සබැඳි පුවත්
රංගේ බණ්ඩාර එජාප මහ ලේකම් ධුරයෙන් ඉවතට !