Connect with us

පුවත්

රංගේ ගේ පුතා ඇප ගනියි!

Published

on

පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදහැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කළේය.

එම අනතුර සිදුව ඇත්තේ, අද (29) අලුයම 4.30ට පමණ කරුවලගස්වැව හතේ කණුව මී ඔය ආසන්නයේදීය.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගත් මෝටර් රථය ගැටී තිබුණේ, ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සහ ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ, රියදුරන් දෙදෙනා පමණි.

අනතුර සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැරීමට වැඩබලන පුත්තලම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

යශෝධ රංගේ බණ්ඩාර මීට පෙර එනම් 2018 වසරේ සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.

පුවත්

රවී කුමුදේශ් ගේ වැඩ තහනම්

Published

on

By

ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.

2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනම් කර ඇති අතර ඔහුට වැටුප් ඇතුළු දීමනා හිමි නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

එසේම, විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බවයි එහි දැක්වේ.

Continue Reading

පුවත්

ජනපති ජර්මනියේ බර්ලින් නුවර නිල සංචාරයක

Published

on

By

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

 මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

 ජනාධිපති දිසානායක මහතා විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවනු ඇත.

 මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Continue Reading

පුවත්

සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Published

on

By

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී  මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ සඳහන් කර ඇත.

ඒ අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බව විත්තිකාර අභියාචක සඳහන් කර සිටි.

ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved