තමන් ජනමත විචාරණයක් සඳහා යෝජනාව ඉදිරිපත් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බවත්, තමන් කිසි ලෙසක ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් සිදු නොකළ බවත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කළේ, අද (03) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ වන විට ගෙන යන වැඩපිළිවෙළ වෙනස් කළහොත් රට ඇදගෙන වැටෙන අතර, එම තත්ත්වයට යාමට කිසිවෙකුත් කැමති නොවන බවයි ඔහු සඳහන් කලෙය.
පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේ, එසේ නම් මෙම ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යන බවට එකගත්වයකට පැමිණ, ජනාධිපතිවරණයට යා හැකි බවය.
සබැඳි පුවත්:
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2024/06/An-AiE9x2PYMcJyDxUD4Ej53tLWrg3WTOZzkScSmwuOO1LkN423BnyYF2CVAr6co2gRrAJHcXxt1qn7NjTPTda4c.mp4