Connect with us

පුවත්

රංජන්ගෙන් අනුරට ලියුමක් (අදාළ ලිපිය සබැඳේ)

Published

on

වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තාවේ.

2024 ඔක්තෝම්බර් 02 දිනැති ලිපියට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බව රංජන් රාමනායක මහතා සිය ලිපියෙන් ඉල්ලා තිබේ.

පසුගිය පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්ක සමගි ජන බලවේගය පක්ෂ මන්ත්‍රීවරයා ලෙස පත්වූ ඔහු මෙවර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස නාමයෝජනා භාර දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබුණි.

2021 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රන්ජන් රාමනායක වරදකරු බවට තීන්දු කලේය.

යහපාලන රජය සමයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ‍රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.

එහිදී ඔහුට වසර හතක කාලයක් සඳහා (ජනවාරි 12, 2021 සිට 2028 ජනවාරි 12 දක්වා) ඔහුගේ ඡන්ද අයිතිය හෝ තේරී පත්වීමේ අයිතිය ස්වයංක්‍රීයව අහිමි විය.

පුවත්

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද මෙරටට

Published

on

By

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය.

යුරෝපා සංගමයේ  GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන  මැයි මස  07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇත.

එහිදී දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

2024 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 3 ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය මෙරට දෙවන විශාලතම අපනයන ගමනාන්තය බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බවට ඒකාබද්ධ නිවේදනයක්

Published

on

By

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ සහ ශ්‍රී දළදා මාළිගාගේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව වසර 16 පසුව සිරි දළදා වන්දනාව සිදු කළේය.

ඒ අනුව, අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක්, දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමාන වූ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ සුදුර්ලභ අවස්ථාව චිරාගත චාරිත්‍රානුකූලව සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ලබා දීමට කටයුතු කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම මෙම කාල පරාසය තුළ දේශීය හා විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්වකීය ශ්‍රද්ධාධ්‍යාශයන් වඩා වර්ධනය කර ගනිමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට භාග්‍යවන්ත වූ බව මල්වතු – අස්ගිරි උභය මහාවිහාර හා ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් ඉමහත් සංතෝෂයෙන් නිවේදනය කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්ය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කැඳවා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී මෙලෙස පැමිණීමට නියමිතව ඇත.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved