රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුවය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන දෙදෙනෙකි.
එක් සැකකරුවෙක් එම ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇත.
එම සැකකරුන් ඊයේ (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබේ.
පුත්තලම කොට්ඨස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.