Connect with us

පුවත්

රජයට ගිනි ගාණට බෙහෙත් විකුණූ සන්ෂයින්ලාගේ ෆාම් එකෙන් ලෙඩ හරක් මස් වික්කට විරෝධතාවක්

Published

on

හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි සන්ෂයින් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත වටවල ඩේරි පුද්ගලික සමාගම විසින් පත්වාගෙන යනු ලබන ලොනැක් සත්ව ගොවිපලේ (Lonach Farm) විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් එම සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවන් එම සත්ව ගොවිපල ඉදිරිපිට පසුගිය 14 වැනිදා විරෝධය දක්වනු ලැබුහ.

එදින (14) අලුයම එම සත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක එවැනි ගවයන් පටවාගෙන බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක ලොරි රථයක් තමන් අල්ලාගත් බවත් එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේය.

ගවයන් ප්‍රවාහනය කිරිමට 12 වැනිදා ලබාගත් බලපත්‍රයක දිනය සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්නව සිටි ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරිමට කටයුතු කර ඇති බවත් විරෝධතාවයේ නියැලීසිටි වතුකම්කරුවෝ එහිදීකියා සිටියහ.

මීට ප්‍රථම එම සත්ව ගොවිපලේ විවිධ රෝග වැලදී මිය යෑමට ආසන්න මෙවැනි සතුන් මිය යෑමෙන් පසු සත්ව ගොවිපලේම වල දමන බවත්, වත්මන් පාලන අධිකාරිය මගින් එම සතුන් මස්කඩ වලට අලෙවිකර එම සතුන්ගේ මස් වතුකරයේ ජනතාවටම අනුභව කිරීමට සලස්වා ඇතැයි ඔවුහු චෝදනා කරති.

වතුකම්කරුවන්ගේ විරෝධය හමුවට පැමිණි නෝර්ටන්බ්‍රිජ් පොලිසියේ නිළධාරින් වතුකම්කරුවන් විසින් අල්ලාගෙන තිබු ලොරි රථයේ සිටි ගවයන් දෙදෙනා ආපසු සත්ව ගොවිපල වෙතම රැගෙන යන ලෙසට පාලන අධිකාරියෙන් කල ඉල්ලීමක් මත එම සතුන් ආපසු සත්ව ගොවිපල වෙත රැගෙන යාමට ද කටයුතු කර තිබේ.

එම සත්ව ගොවිපලේ සිටි ගවයන් බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගොස් ගැට ගසා තිබෙන අයුරු ද විරෝධතාකරුවන් විසින් ඡායාරූපගත කර, ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම්දීමෙන් පසුව විමර්ෂණයක් ආරම්භකර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

ලොනැක් ඉතිහාසය….

වටවල ප්ලාන්ටේෂන්ස් හි 100% අනුබද්ධිත ආයතනයක් වන වටවල කිරි සමාගම (WDL) විසින් ඉදිකරන ලද මෙම අති නවීන කිරි ගොවිපල, ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි ව්‍යාපෘතියක් වන අතර එය ගිනිගත්හේන වටවල හි හෙක්ටයාර 50 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත. 

මෙම ව්‍යාපෘතිය 2016 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද්දේ නියමු ව්‍යාපෘතියක් ලෙස ‘ලෝනාච් ෆාම්’ නමින් ගවයින් 120 ක්, ගව නිවාස තුනක් සහ කිරි දොවන මධ්‍යස්ථානයක් සමඟිනි.

වටවල කිරි සමාගම 2018 දී ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් සෘජුවම වැස්සියන් 246 ක් ආනයනය කළ අතර, දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වූ ගිවිසුමක් යටතේ 2017 දී සහනදායී මිලකට ශ්‍රී ලංකා රජයෙන් එළදෙනුන් 928 ක් මිලදී ගන්නා ලදී. 

මෙසේ සහනදායී මිලට ලබාගත් ගවයින් වැඩි ප්‍රමාණයකට කුර ලෙඩ ඇතිවීම නිසා එකළ විශාල ආන්දෝලනාත්මක ත්ත්තවයක් මතුව තිබූ අතර, එකළ ද අදාළ සමාගමට ප්‍රදේශවාසීන්ගෙන් දෝෂාරෝපණය එල්ලවිය.

ජායාරූප – රංජිත් රාජපක්ෂ – හැටන් 

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/දෙදාහේ-බෙහෙත-හැත්තපන්දාහ/

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved